රතු කට්ට පැනපු මරික්කාර් උතුර දකුණ මාරුවෙන්න ආණ්ඩුවට රිදෙන්නම කියයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවෙමින් පවතිද්දී ශ්‍රී ලංකාවේ තෙල් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශන කර ඇත.
එම මුදල් කාගේ සාක්කුවලට යනවාදැයි හෙළි කළ යුතු බව ඔහු කොළඹදී මාධ්‍ය හමුවේ පවසා ඇත.
"මේ මාසයේ තෙල් මිල සංශෝධනයක් සිදුවී නැහැ. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවෙලා තිබියදීත් තෙල් මිල අඩු කර නැහැ. ඉස්සර ආණ්ඩුවලදී කිව්වේ මේ මුදල් වංචා දූෂණ හරහා වෙනත් අයගේ සාක්කුවලට යනවා, ණය ගෙවීමට මහ බැංකුවට රුපියල් 50ක් යනවා කියලා. අපි ආවම ඒවා අයින් කරලා ජනතාවට සහන දෙනවා කිව්වත්, දැන් වංචා දූෂණ නැති ආණ්ඩුවක් යටතේත් තෙල් මිල අඩු කරන්න බැරි හේතුව මොකක්ද? මේ මුදල් කාගේ හෝ සාක්කුවලට යනවාද? නැත්නම් පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට ජනතාව ඡන්දය නොදීම ගැන තරහක්ද?"
"විදුලි බිල 18%කින් වැඩි කරනවා, තෙල් මිල, බඩු මිල, බදු අඡු කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට කලින් විදුලි බිල තුනෙන් දෙකකට අඩු කරනවා, තෙල් ලීටරයකින් රුපියල් 50ක් අඩු කරනවා, ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයෙන් බදු ඉවත් කරනවා කිව්වා. ඒවා කළාද? ආණ්ඩුවේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය දිගින් දිගටම පෙන්නුම් කරනවා.." මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පත්වී මාස 8කට වඩා ගතවී ඇතත්, ආයෝජන හෝ ඩොලර් ආදායමක් රටට ලැබී නැති බවයි.
"අලුත් රැකියා, ප්‍රතිඅපනයන අවස්ථා, ජනතාවට සහන ලබාදී නැහැ. ආණ්ඩුව ජනතාවගෙන් පළිගැනීමේ වෛරී චේතනාවෙන් කටයුතු කරනවා නම්, ජන අප්‍රියතාවයට පත්වෙනවා." බදු එකතු කිරීම හොඳ වුවත්, ආර්ථිකය ප්‍රසාරණයට ආයෝජන හා ඩොලර් ආදායම් අවශ්‍ය බව ඔහු අවධාරණය කළා. "ජනාධිපතිතුමා රටවල් ගණනාවකට ගියත්, එක රුපියලක්වත් ලැබිලා නැහැ. ගිවිසුම් අත්සන් කළත්, ප්‍රතිලාභ ලැබිලා නැහැ. ඒ වෙනුවට තෙල් ටැංකි ඉන්දියාවට, හම්බන්තොට රිෆයිනරි චීනයට ලබාදීමට සූදානම් වෙනවා," යනුවෙන් මරික්කාර් මහතා පවසා ඇත.
