අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමට රජය සූදානම් වන බව ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කර ඇත.
මෙම සැලසුම හරහා, වත්මන් කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයක් නොමැති බවට එල්ල වන චෝදනාවට විසඳුමක් ලබා දීමට රජය උත්සාහ දරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆර් පැවසුවේ මාධ්‍ය වල එසේ පල වුවද මේ දක්වා ඒ සම්බන්ධයෙන් රජයෙන් තොරතුරක් ලැබී නොමැති බවයි.