මේ අවුරුද්දේ ඉඳන් මේවා තහනම් - පාසල්වලටත් සීමා කරයි
මේ වසරේ සිට ප්‍රංශ රජය මඟින් වයස අවුරුදු 15 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සහ උසස් පාසල්වල ජංගම දුරකථන භාවිතය සීමා කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මෙම යෝජිත තහනම මෙම 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව සඳහන්.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන් අධික ලෙස තිරය දෙස බලා සිටීම (screen time) පාලනය කිරීම, නුසුදුසු අන්තර්ගතයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම සහ සයිබර් හිරිහැර වළක්වා ගැනීමයි.
එසේම ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පෙන්වා දෙන්නේ තරුණයන් අතර සිදුවන ප්‍රචණ්ඩත්වය සඳහා සමාජ මාධ්‍ය දායක වන බවයි.
මින් පෙර ඔස්ට්‍රේලියාව ද වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට TikTok, Facebook සහ YouTube වැනි සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී ප්‍රංශ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතයි. තවද ප්‍රංශය මඟින් 2018 වසරේ සිට ප්‍රාථමික සහ කනිෂ්ඨ විද්‍යාලවල ජංගම දුරකථන භාවිතය දැනටමත් තහනම් කර ඇත.
ඊට අමතරව 2023 වසරේදී වයස 15 ට අඩු අයට දෙමාපිය අවසරය අවශ්‍ය වන නීතියක් ගෙන ඒමට උත්සාහ කළද, එය යුරෝපා සංගම් නීති හමුවේ බාධාවලට ලක් විය.
එසේම මෙහි ඇති ප්‍රධාන අභියෝග ලෙස යුරෝපා සංගමයේ පවතින නීතිමය සීමාවන් සහ මෙම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇති වන තාක්ෂණික දුෂ්කරතා හඳුනාගෙන පවතී.
එමෙන්ම මෙම වැඩපිළිවෙළ ඔස්සේ රජය බලාපොරොත්තු වන තවත් කරුණක් නම් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ නින්දේ රටාවන් ආරක්ෂා කිරීමයි.