ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එබැවින් ගෘහස්ථ රැකවරණ; කෘෂිකර්මය; ඉදිකිරීම්; හෝටල්, ගෘහ පාලනය සහ පිරිසිදු කිරීමේ සේවා; නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට (A, B, C, D, E හා F ප්‍රොටොකෝල) වරින් වර අත්සන් තබා ඇත.

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

අඳාළ ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා වෙනුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඊශ්‍රායල් රාජ්‍යය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව, එම අංශයේ රැකියාවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන ලෙස දෙපාර්ශ්වය අතර දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම යටතේ 'G' ප්‍රොටොකෝලය අත්සන් තැබීම පිණිස ගනු ලැබ ඇති පියවර පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ පසු, එසේ ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්