ඇවිලෙන යුද්ධේ මැද්දට පැන්න ප්‍රංශ ජනපති - ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ඉල්ලා පෙරට එයි
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් සමථයකට පත් කර ගැනීම වෙනුවෙන් පැරිස් නුවරදී සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය සූදානම පළ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය ‘X’ ගිණුම හරහා අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා ඉකුත් සිකුරාදා ලෙබනන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඊශ්‍රායලය සමඟ “සෘජු සාකච්ඡා” පැවැත්වීමට ඔවුන් එකඟතාව පළ කළ බවත් ය.
මේ අතර අඳාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඊශ්‍රායලය විසින් දියත් කර ඇති දැවැන්ත ප්‍රහාර මාලාව සහ ගුවන් ප්‍රහාර වහා නතර කළ යුතු බවයි.
තවද හිස්බුල්ලා සංවිධානයෙන් ද ඉල්ලා සිටින්නේ ගැටුම තවදුරටත් උත්සන්න කිරීමේ “නොසැලකිලිමත්” ක්‍රියාමාර්ග වහා නවත්වන ලෙසට බව වාර්තා වේ.
ජනාධිපති මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “සටන් විරාමයක් ප්‍රකාශ කරමින් සාකච්ඡා ආරම්භ කිරීමටත්, කල්පවත්නා විසඳුමකට එළඹීමටත්, ලෙබනනයේ ස්වෛරීභාවය සුරැකීමට අවශ්‍ය පියවර ගැනීමට ලෙබනන බලධාරීන්ට අවස්ථාව ලබා දීමටත් ඊශ්‍රායලය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි,” යනුවෙන්.
තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්