දරුණු ගංවතුරෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට 77 ක් අතුරුදහන්
තායිවානයේ දකුණු දිග කලාපයට ගෙවුණු සති කිහිපය තුළ ධාරාණිපාත වැසි තත්ත්වයක් ඇද හැලීමෙන් එම කලාපය තුළ නාය යාම් මෙන්ම ජල ගැලීම්ද ඇතිව තිබූ බව වාර්තා වුණා.
ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මතුව ඇති ආපදාවෙන් දැනටමත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවයි.
එසේම මෙම තායිවාන ජල ගැලීම් නිසා එරට අවධානම් කලාපවල සිටින 6,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කිරීමටද බළධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම ජල ගැලීම් නිසා සහ වෙනත් ආපදාවන්වලින් මියගොස් සිටි පිරිසට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකුද අතුරුදන්ව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ආපදාවෙන් මේ වන විට අතුරුදන් වූ පිරිස 77ක් බව එරට මාධ්‍ය පවසයි.
මේ අතර ගෙවුණු දින කිහිපය තුළ එරට කඳුකර කලාපවලට මීටර් 2.6ක් තරම් වූ වර්ෂාපතනයක් පතිත වී ඇති බවත් තායිවාන බලධාරීන්ට අනුව එම කලාපවලට බලපාන වාර්ශික වර්ෂාපතන සාමාන්‍ය අගය මීටර් 2.1ක් තරම් ද වන බව වාර්තා වේ.
මේ තත්ත්වය දෙස බැලූ විට මෙවර තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක් බවද එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
