බෙල්ල හිර කරලා ඔලුවට ගහලම මරලා - ඔන්න දැන් 4ක් පොලිස් දැලේ

Report

හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ පුද්ගලයෙකුගේ ගෙල සිරකර, හිසට පහරදෙමින් ඝාතනය කර ඔහුගේ සිරුර එම ප්‍රදේශයේ දමාගොස් තිබූ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙය 10 වනදා සිදු වු අතර, පසුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගේ විශේෂ මෙහෙයුමකදී, මාදම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් සැකකරුවන් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත්හ.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18ත් 24ත් අතර වන කොළඹ 14 සහ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් මේ වන විට හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

පාස්කු වරදකරුවන්ට කලින් ජූඩ් පියතුමාට දඩුවම් ලැබෙයිද? සුමන ධම්මහිමිගෙන් ලිපියක්

පාස්කු වරදකරුවන්ට කලින් ජූඩ් පියතුමාට දඩුවම් ලැබෙයිද? සුමන ධම්මහිමිගෙන් ලිපියක්

ඝාතනයෙන් පසුව ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා පැමිණි මෝටර් රථය කෑගල්ල මාවනැල්ල මාර්ගයේ සොයාගෙන තිබුණි.

පොලීසිය සිදුකළ දිගු විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති අතර, මේ වන විට හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.