අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් හිටපු ක්‍රිකට් නායකයා මියයයි. - (PHOTO)

Report

අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් බයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 2002 වසරේ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රීඩකයායි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


1983 පෙබරවාරි 22 ගාල්ලේදී උපත ලැබූ ධම්මික මිය යනවිට වයස අවුරුදු 41ක් වන අතර 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ධම්මික එවකට හඳුන්වනු ලැබුවේ ‘ජොන්ටි’ ලෙසයි.

ඔහු ⁣හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ද ක්‍රිකට් ක්‍රීඩා කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.


දකුණත් පිතිකරුවෙක් ලෙස කටයුතු කළ ධම්මික මඳ වේග පන්දු යවන්නෙක් ලෙස ද ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු පළමු පෙල තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ලකුණු 269ක් ලබා ඇත.ඔහු බිඳ දමා ඇති කඩුලු ගණන 19කි.

ධම්මික නිරෝෂනගේ ඝාතනය පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

බදුල්ලේ පාසල් සිසුන්ට රජයෙන් මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව ලැබුණු හැටි.

බදුල්ලේ පාසල් සිසුන්ට රජයෙන් මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව ලැබුණු හැටි.


Gallery