මේ මාර්ගයේ ගමන් ගන්නා රියදුරු මහතුන් දැඩි ලෙස සැලකිලිමත් වන්න...

Sri Lanka Police Sri Lanka Wildfire Latest Headlines
By Piyumika Feb 15, 2025 05:51 AM GMT
Piyumika

Piyumika

Report

රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා පැවසීය.

පෙරේදා (13) පස්වරු 4ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණි.

තල්මසෙකුගේ භොජුනක් වන්නට ගොස් දිවි බේරුණු හාස්කම..(VIDEO)

තල්මසෙකුගේ භොජුනක් වන්නට ගොස් දිවි බේරුණු හාස්කම..(VIDEO)

සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක් ද ඇති බවය.

ඒ හේතුවෙන් ඇල්ල -වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවද දැනුම්දුනි.

මේ අතර  ඊයේ (14) රාත්‍රියේදී ගින්න වේගයෙන් පැතිර යමින් රාවණා ඇල්ල දියඇල්ල දෙසට ව්‍යාප්තවී තිබූ බව සදහන් වේ.

පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, එය ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසකර වී තිබුණි.

කෙසේ නමුත් තෙදිනක් පුරා ඇවිළෙමින් තිබෙන මෙම ගින්න නිවාදැමීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ, මෙම රක්ෂිත කොටසේ මීට පෙර ගිනි ඇතිවූ අවස්ථාවන් හිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක සහාය ලබාගන්නා බවය.

ලදු කැලෑවක තිබී හමු වූ ඇඟ හිරිවැටෙන දේ...

ලදු කැලෑවක තිබී හමු වූ ඇඟ හිරිවැටෙන දේ...

එහෙත් මෙවර එවැනි සහායක් ලබාගෙන නොමැති බව වාර්තා විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා පවසා සිටියේ හෙලිකොප්ටර් යානයක සහායක් අවශ්‍ය බවට ඉල්ලීම් කර නොතිබූ බවත් ගින්න පැතිර ගිය ප්‍රදේශයේ පැවැති අවදානම් තත්ත්වය මත හෙලිකොප්ටර් යානයක සහායක් ලබාගැනීමට නොහැකි බවත්ය.

එමෙන්ම මේ වනවිට ගින්න පාලනය කර ඇති බවද හෙතෙම පැවසීය.

You may like this video

ReeCha