මෙන්න මේ අය පරිස්සම් වෙන්න

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බවයි අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතියි .

මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත. මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව සදහන් කර තිබේ .

මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද සූරියබණ්ඩාර මහතා සදහන් කර තිබේ.

තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින බවයි.

ඒ වගේම මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමට ඉඩ ඇති බවයි.

තත්ත්වය අවදානම් රටම පරිස්සමෙන්

තත්ත්වය අවදානම් රටම පරිස්සමෙන්

තවද යාන්ඔය පහළ ප්‍රදේශවල සිටින ජනතාව හා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් වඩාත් විමසිලිමත් වන ලෙස සදහන් කර තිබේ.

ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබන්නේ විශේෂයෙන් කුච්චවේලි, පදවි ශ්‍රී පුර, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිමත් වෙන ලෙසයි.

මේ අතර මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුපර්ත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආරු ආශ්‍රිත පහත්බිම්වලට මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද මාදුරු ඔය ද්‍රෝණියේ කෝරලෙයි පත්තු, කෝරලෙයි පත්තු බටහිර, කෝරලෙයි පත්තු උතුර, එරාවුර් පත්තු, මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, දිඹුලාගල, වැලිකන්ද හා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට මෙතැනි සිට ඉදිරි පැය 24 සඳහා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතී.

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල