දිට්වා කුණාටුවෙන් බැටකාපු හැමෝටම රජයෙන් සුපිරි සහන මල්ලක් - අගමැතිනිගෙන් පොරොන්දුවක්

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවර ප්‍රජාව සහ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීම සඳහා රජය විසින් පුළුල් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදී ඇති සහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඇය පැවසුවේ, දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් කරදිය හා මිරිදිය ධීවරයින් වෙනුවෙන් විශේෂ සහන ක්‍රියාමාර්ග රැසක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

ඒ අනුව සම්පූර්ණයෙන් විනාශ වූ ධීවර යාත්‍රා වෙනුවට නව යාත්‍රා ලබාදීම, අර්ධ වශයෙන් හානි වූ යාත්‍රා අලුත්වැඩියා කිරීම සහ සුදුසුකම් ලත් ධීවරයින්ට අවශ්‍ය ධීවර දැල් ලබාදීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබෙන බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම කුණාටුව හේතුවෙන් හානි වූ ව්‍යාපාර යළි ආරම්භ කිරීම සඳහා වාර්ෂික සියයට 3ක සහන පොලී අනුපාතයක් යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රුපියල් මිලියන 10,000ක මුළු ප්‍රතිපාදන සහිත මෙම වැඩසටහන බැංකු 15ක් හරහා ක්‍රියාත්මක වන අතර, 2026 අප්‍රේල් 28 වන විට ව්‍යවසායකයින් 2,800 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,812ක ණය මුදල් ලබාදී ඇති බව ඇය අනාවරණය කළාය.

"එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා" - සුදේශ් නන්දිමාල් දේශපාලකයින්ගේ රෙදි ගලවයි

"එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා" - සුදේශ් නන්දිමාල් දේශපාලකයින්ගේ රෙදි ගලවයි

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මාස 6ක සහන කාලයක් සහිතව උපරිම වසර 3ක ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබාදී ඇති අතර, ණය අයදුම් කිරීමේදී ව්‍යාපාරය කුණාටුවට පෙර සක්‍රීයව පැවති බවත්, කුණාටුවෙන් හානි වී ඇති බවත් ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහවුරු කළ යුතු බවද ඇය සඳහන් කළාය.

තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත බලපත්‍රලාභී බැංකු මඟින් 2026 ජනවාරි 31 දක්වා ණය ආපසු ගෙවීම් අත්හිටුවීමට සහ දඩ පොලී අය නොකිරීමට පියවර ගෙන ඇති බවත්, විපතට පත් ව්‍යවසායකයින් සඳහා වන්දි ගෙවීමේ කටයුතු අදාළ අමාත්‍යාංශ චක්‍රලේඛ සහ ආපදා සහන මාර්ගෝපදේශවලට අනුව මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල