ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල

Report

ඉන්දියාවේ තරුණ පරපුර අතර අසතුට සහ කලකිරීම මධ්‍යයේ නව දේශපාලන ව්‍යාපාරයක් වේගයෙන් ජනප්‍රිය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂය  [‘Cockroach Janta Party’ (CJP)] නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂය, කෙටි කාලයක් තුළ Instagram හරහා මිලියන 20කට අධික අනුගාමික පිරිසක් රැස් කරගෙන ඇති බව සඳහන් වේ.

2026 මැයි 16 වන දින ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරය, ඊයේ (08) දිනයේදී පළමු මහජන විරෝධතාව ද පැවැත්වූ අතර, ඒ සඳහා විශාල තරුණ සහභාගිත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල | What If Cockroaches Shake Indian Politics

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව මතුවෙමින් පවතින අනපේක්ෂිත දේශපාලන අභියෝගයක් ලෙස කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂය  (‘Cockroach Janta Party’)  ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම ව්‍යාපාරයේ නිර්මාතෘ ලෙස ඇමරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු උපාධිධාරියෙකු වන අභිජීත් ඩිප්කේ මහතා හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය ජනතාව “කැරපොත්තන්” ලෙස සැලකුණද, ඔවුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ හැකියාව ඇති බවය.

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල | What If Cockroaches Shake Indian Politics

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂයේ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සහ රැකියා වෙළඳපොළ පිළිබඳව තරුණ පරපුර තුළ ඇතිව ඇති දැඩි අසතුටට හඬක් ලබාදීමට උත්සාහ කරමින් සිටී.

ඉන්දියාවේ උසස් අධ්‍යාපන අංශයට වෙන් කරන රාජ්‍ය වියදමට වඩා වැඩි මුදලක් පෞද්ගලික උපකාරක පන්ති සඳහා වැය වන බවත්, උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා බොහෝ පවුල් ණයබරයට පත්ව සිටින බවත් වාර්තා වේ.

එමෙන්ම, තරඟකාරී අධ්‍යාපන පද්ධතිය හේතුවෙන් සිසුන් මත පවතින පීඩනය ඉහළ යාමත් සමඟ සියදිවි නසාගැනීම් සංඛ්‍යාවද වැඩිවී ඇති බවට අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.

තවත් වාර්තා අනුව, වයස අවුරුදු 25ට අඩු ඉන්දියානු උපාධිධාරීන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් රැකියා විරහිත තත්ත්වයේ සිටින බවද සඳහන් වේ.

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල | What If Cockroaches Shake Indian Politics