වසර 69කට පසු ෆීජි කණ්ඩායම ජය ලබයි.

By Hashini Sep 18, 2023 10:33 AM GMT
Report

ෆීජි කණ්ඩායම වසර 69කට පසුව ටෙස්ට් රග්බි තරඟයකදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට ඊයේ (17) සමත් වුණා.

ඒ මෙවර ලෝක කුසලාන රග්බි තරඟාවලියේ මූලික වටයේ සී කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ජය ගනිමිනි.

ලකුණු 12ට 8ක් ලෙස තරඟයේ පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ෆීජි කණ්ඩායමයි.

ෆීජි කණ්ඩායම දෙවන අර්ධයේදී තවත් ලකුණු 10ක් රැස් කර ගත අතර ඔස්ට්‍රේලියාවට දෙවන අර්ධයේදී රැස් කරගත හැකිවූයේ ලකුණු 7ක් පමණයි.

ඒ අනුව ඓතිහාසික ජයක් ලැබීමට ෆීජි කණ්ඩායම සමත් වුයේ ලකුණු 22ට 15ක් ලෙසයි.

ෆීජි කණ්ඩායම ටෙස්ට් රග්බි තරඟයකදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙලෙස පරාජයට පත්කළේ 1954 වසරට පසුව වීම විශේෂත්වයකි.