දුර්ලභ අවස්ථාවක් එක්ක BPL පිටියේ පිය පුතු දෙදෙනා ඉතිහාසගත වෙයි

Report

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් නබි සහ ඔහුගේ පුත්‍රයා වන හසන් අයිසඛිල් එකම කණ්ඩායමක් නියෝජනය කරමින් පන්දුවට පහරදීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (11) දින සනිටුහන් කර ඇත.

ඒ අනුව ලොව ප්‍රධාන පෙළේ විස්සයි20 ලීග් තරගාවලියක පියෙකු සහ පුතෙකු එකම ඉනිමක එකට පන්දුවට පහරදුන් ප්‍රථම අවස්ථාව මෙය වශයෙන් ඉතිහාසයට එක් විය.

මෙම තරගය සිල්හෙට්හිදී පැවති අතර ඔවුන් දෙදෙනා 'නොක්කාලි එක්ස්ප්‍රස්' (Noakhali Express) කණ්ඩායම නියෝජනය කර තිබුණා.

වනිඳුගේ මැජික් ආයෙත්.. වනිඳු හසරංග ඉතිහාසගත වෙලා

වනිඳුගේ මැජික් ආයෙත්.. වනිඳු හසරංග ඉතිහාසගත වෙලා

කෙසේ වෙතත් තම ප්‍රථම විදේශීය ලීග් තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි හසන් අයිසඛිල්, 'ඩකා කැපිටල්ස්' (Dhaka Capitals) කණ්ඩායමට විරුද්ධව පන්දු 60කදී ලකුණු 92ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ අතර විචාරකයින් ප්‍රකාශ කළේ එය තරගයේ ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වූ බවයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල සඳහා පන්දු 30කදී ලකුණු 53ක සබඳතාවක් පැවැත් වීමට සමත් වුණා.

එමෙන්ම පියා වන මොහොමඩ් නබි පන්දු 13කදී ලකුණු 17ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 14ක තියුණු ජයක් - ශ්‍රී ලංකාව පාකිස්තානය බිඳ දැම්මා

ලකුණු 14ක තියුණු ජයක් - ශ්‍රී ලංකාව පාකිස්තානය බිඳ දැම්මා

මේ අතර තරගය ආරම්භයට පෙර තම පුත්‍රයාට නොක්කාලි කණ්ඩායමේ හිස්වැස්ම (Cap) පැළඳවූයේද මොහොමඩ් නබි විසින්ම වීම විශේෂත්වයක් වේ.

නොක්කාලි එක්ස්ප්‍රස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩකා කැපිටල්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

එබැවින් නොක්කාලි එක්ස්ප්‍රස් කණ්ඩායමට ලකුණු 41ක විශිෂ්ට ජයක් හිමි විය.

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න