පැහිලා නෙවෙයි අලි කාලා ගියත් කිව්ව දවසට කළින් අස්වැන්න නෙළුවොත් ගොවීන්ට රු 10000 ක දඩයක්
කන්න රැස්වීමේදී තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් රුපියල් දස දහසක දඩයක් අය කිරීමට ගොවි සංවිධානයක් තීරණය කිරීම හේතුවෙන් අසීරුතාවට පත්ව ඇති ගොවීන් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ පුත්තලම - මහ කුඹුක්කඩවල - පාඩියාමඩුව ජලාශයේ ජලයෙන් වී වගා කළ ගොවීන් පිරිසක් බව පවසයි.
ඔවුන් එම ජලාශයෙන් ජලය ගෙන යල කන්නයේ අක්කර 300කට පමණ ආසන්න කුඹුරු ප්‍රමාණයක් වගා කරැති බව කියයි.
ඒ අනුව අසීරුතාවයට පත්ව සිටින ගොවීන් සඳහන් කරන්නේ කන්න රැස්වීමේදී ඉකුත් අප්‍රේල් 15 වන දිනට පෙර වගා කර අවසන් කළ යුතු බවටත්, ලබන මස 05 වනදාට පසු අස්වැන්න නෙළිය යුතු බවටත් එකඟතාවයට පැමිණ තිබෙන බවයි.
එසේම එය කඩ කළහොත් රුපියල් 10,000ක දඩයක් මෙන්ම මීළඟ කන්නයේ පොහොර ලබා නොදීමට ද තීරණය කර ඇති බව සඳහන්.
එසේ වුවද අදාළ දිනට පෙර ගොයම පැසී ඇති නිසා අස්වනු නෙළීමට තමන්ට සිදුව තිබෙන බව එම ගොවීන් ප්‍රකාශ කරයි.
ඔවුන් එසේ නොකළහොත් වන අලි ගොයම විනාශ කරනු ඇති බවත් ගොවීන් පවසයි.
