දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

University of Kelaniya Ministry of Health Sri Lanka Pregnancy Sinhala news SriLanka News - Gagana
By Mithu Aug 01, 2025 04:29 AM GMT
Mithu

Mithu

Report

දරුවන් නොමැතිව දුක් විඳින දහසකුත් මව්වරුන්ට සහනයක් ලබා දෙන රජයේ අලුත් වැඩපිළිවෙළක් පිළිබඳව පසුගියදා අනාවරණය විය. පළමු වරට රජය නල දරුඋපත් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සාර්ථක ගැබ් ගැන්වීම පසුගිය වසරේ දී සිදු කෙරුණු අතර මෙම සාර්ථක ගැබ් ගැන්වීමට යොමු වූ මවගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් ඊයේ (31 දා) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථක ලෙස සිදු කරන ලදී.

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

මෙම සැත්කම සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

රාජ්‍ය අංශයේ මධ්‍යස්ථානයක නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදුකළ ගැබ් ගැන්වීමකින් පසු, රජයේ රෝහලක දී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම විශේෂත්වයකි.

මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ තිස් එක් හැවිරිදි මවක වන අතර ඇයත් දරුවාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙති.

ගුරුවරු අපේ දෙවිවරු SMS ගහන්න බෑ කීව එක වැරදියි - සී.බී රත්නායකට දුක හිතිලා

ගුරුවරු අපේ දෙවිවරු SMS ගහන්න බෑ කීව එක වැරදියි - සී.බී රත්නායකට දුක හිතිලා

මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ තිස් එක් හැවිරිදි මවක වන අතර ඇයත් දරුවාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙති. මෙම නළදරු ගැබ්ගැන්වීම රාජ්‍ය අංශයේ මධ්‍යස්ථානයකින් සිදුකළ පළමු සාර්ථක නළදරු ගැබ් ගැන්වීම වීම වෙයි.

මෙය සිදුකරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග හෙට්ටිපතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

වසරක පර්යේෂණ කාර්යයක සාර්ථක ප්‍රතිඵලයක් වූ මෙම නළදරු ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන ලද සුවිශේෂී කර්තව්‍යකි.

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

මෙතෙක් කාලයක් පෞද්ගලික අංශයට සීමා වී තිබූ මෙම නල දරු උපත් සඳහා අධික වියදමක් වැය වන බැවින් දරුවන් නොමැති මව්වරුන්ට සහනයක් ලබා දීමේ අරමුණෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉදිරියටත් තීරණය කර තිබේ.

ReeCha