අද සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි

Weather Latest Headlines Rain Sinhala news gagana news
By Shehan Aug 01, 2025 01:36 AM GMT
Shehan

Shehan

Report

උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (01) සවස 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම අනාවැකියේ සඳහන් වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇතිවීමට ඉඩ තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු නිසා ඇතිවන අනතුරු අවම කිරීමට ජනතාව අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් ද කෙරේ.

ReeCha