ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව බව සඳහන්.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ක්රියාකාරීනියක් වන චාන්යා හේරත් කරුණු හෙළි කර තිබූ අතර එමගින් ඇය දක්වා තිබුණේ නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙක් සම්බන්ධවයි.
ඒ අනුව ටෙලිග්‍රෑම් ගිණුමක පුද්ගලයින්ට ඔහු මීට අදාළ අසභ්‍ය ඡායාරූප යොමුකර අනතුරුව ඊසී කෑෂ් ක්‍රමය හරහා මුදල් උපයා ඇති බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ පෙන්වා දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැනටමත් දැඩි කතාබහක් පවතින අතර ඒ පිළිබඳව තොරතුරුද හුවමාරු වෙමින් ඇති බව සඳහන්.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ එම තත්ත්වය මත මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බවයි.
