රාජ්‍ය සේවයට පිවිසෙන්න ඉන්න ඔබට මෙන්න චාන්ස් එකක්. වැඩි පඩියකට වටිනා රැකියාවක්
පවතින රජය බලයට පත්වීමත් සමඟම රාජ්‍ය අංශයට සිදු කරන බඳවා ගැනීම් ද වැඩි කරන බවට ඔවුන් බලයට පැමිණීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව විවිධ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු ගණනය කොට ඒ සඳහන් නිසි ක්‍රමවේදයකින් බඳවා ගැනීමට රජය ක්‍රියාමාර්ග ගනී.
එවැනි තත්ත්වයක් තුළ වනජීවි නියාමක නිලධාරීන් 700 ක පමණ පුරප්පාඩු පවතින බවත්, දිවයින පුරා වනජීවි කාර්යාල 230 ක් පැවතුණද, එක් කාර්යාලයයකට දෙදෙනකුවත් යෙදවීමට නියාමක නිලධාරීන් නොමැති බව සමස්ථ ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එම්.අයි.ඩබ්ලිව්. පීරිස් පැවැසීය.
“ලෝක අඩවි ආරක්ෂකයන්ගේ දිනය’’ සැමරීම නිමිත්තෙන් සමස්ථ ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (31 වැනිදා) පවත්වන ලද වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වනජීවි ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් වනජීවි නිලධාරීන්ට සහතික පත්‍ර පිරිනැමිණ.
එම සංගමයේ සංවත්සර මහා සමුළුවද ඊයේ දිනයේදී පැවැත්වුණි. වනජීවි නියාමක නිලධාරීන් 1,591 දෙනකු සේවයේ යෙදී සිටිය යුතු වූවත්, දැනට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 897 දෙනකු පමණක් බවද ඔහු කීවේය.
වනජීවි නියාමක නිලධාරීන් දිනකට පැය අටකට වැඩි කාලයක් සේවය කළද, අතිකාල දීමනාවක් ලබා නොදෙන බවත්, ඒ වෙනුවට දීමනාවක් ලබාදෙන්නේ නිලධාරීන් මාසයකට දින 21 ක් රාත්‍රි රාජකාරිවල නිරත වුවහොත් පමණක් බවද ලේකම්වරයා පැවසීය.
වනජීවි නියාමක නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට කඩිනමින් කටයුතු කළයුතු බවත්, අඩුම වශයෙන් වනජීවි නියාමකයන් 5,000 කගේ අවශ්‍යතාව පවතින බවත් ඔහු කීවේය ඒ අනුව රජයේ අවධානය මේ සඳහා යොමු වී ඒ අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් සමගම තරුණ ඔබටත් රාජ්‍ය සේවයට පිවිසීමට හැකියාව ලැබේ.
