ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ යටතේ අගමැතිනිය හරිනි අමරසූරිය මැතිණිය තවත් විශේෂ වූ අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය වසරේදී සිසුන් 20000ක් පමණ පාසල් ගමන අතරමග නතර කර තිබෙන බවත් තවත් ළමුන් 80000ක් පමණ පාසල් ගමන අඛණ්ඩව සිදුකර නොමැති බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරු බද්ද 20% දක්වා අඩු කරයි

ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරු බද්ද 20% දක්වා අඩු කරයි

සමාජයේ කතාබහට ලක්ව ඇති සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වන්නේ මෙම පිරිස අතින්ද යන සැකය මතුවන බව ද අගමැතිවරිය සඳහන් කළාය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කර ඒ සඳහා ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (31) පැවැති රැස්වීමකදී අගමැතිවරිය ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ සංගණනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

"සංඛ්‍යාත්මකව ගත්විට පිරිමි දරුවන් තමයි වැඩිපුර පාසල් ගමන අතරමග අත්හරින්නේ. මේ සංගණනයේදී ළමුන් 80000ක් පමණ නියමිත දින ගණන පාසල් නොපැමිණෙන බව අනාවරණය වුණා. මේ අය පාසල් එන්නේ පාසල් පවත්වන දින ගණනින් සියයට 50ක් විතර බව හෙළි වුණා.

පළමු ශ්‍රේණියට සිසුන් ලක්ෂ තුනක් ඇතුළු වෙනකොට ලක්ෂයකට විතර නියමිත අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. ඒක බරපතළ ප්‍රශ්නයක්. “

යනුවෙන් සඳහන් කරයි.

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්