මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

Ministry of Education Education Teachers schools Sinhala news
By Kaushi Jul 31, 2025 03:26 AM GMT
Kaushi

Kaushi

Report

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එකම පාසලේ දස වසරකට වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (31) දිනට පෙර එම ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කළ යුතු බවට එම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

එසේම අඳාළ ගුරුමාරු ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේ ඉකුත් මාර්තු මාසයේ දී බව සඳහන්.

මෙහිදී තුන්දහසකට අධික පිරිසක් මෙසේ ස්ථාන මාරු කර තිබෙනවා.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

එහෙත් අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ පාසල්වල ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් අඳාළ ස්ථාන මාරු භාර ගෙන නැති බවටයි.

මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ද වරින් වර අමාත්‍යාංශය දැනුවත් කර ඇත.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

එහිදී අමාත්‍යාංශය එම සංගමය වෙත දැනුම් දී ඇත්තේ එවැනි විදුහල්පතිවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එසේම ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ එක් එක් පාසලේ නියමිත සේවා කාලය ඉක්මවුව ද විදුහල්පතිවරුන් මඟින් එම තොරතුරු චක්‍රලේඛ ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් නොකිරීම හා අමාත්‍යාංශ මට්ටමින් දත්ත පද්ධතියක් පවත්වා නොගැනීම නිසා ඉකුත් වසරේ අධ්‍යයන කාර්ය මණ්ඩල වාර්ෂික ස්ථාන මාරු ද ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

තවද සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදාට පෙර එකම පාසලේ වසර පහකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ වන ගුරුවරුන්ගේ තොරතුරු ඇතුළත් ආකෘතිය පුරවා අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු වේ.

එසේ වුවද විදුහල්පතිවරුන් බහුතරයක් ඒ අනුව කටයුතු කර නැති බවද එම කාර්යාලය වැඩිදුරටත් දක්වා ඇත.

විරාජ් හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි

විරාජ් හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි


ReeCha