ලෝක මව්කිරි සතිය අදින් ඇරඹේ

Report

මවගෙන් ළදරුවකුට මව්කිරි පහසුවෙන් ගලා ඒමට පියා විසින් මව සතුටින් තැබීම ඉතා වැදගත් බව අදට (01) ඇරඹෙන ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා දොළුවීර පැවසුවාය.

මව්කිරි දීමේදී මවට අවශ්‍ය සහයෝගය පියා ලබාදිය යුතු බවත්, මව සෑම විටම සතුටින් තැබීමට පියවරුන් වගබලා ගත යුතු බවත් ඇය අවධාරණය කළාය. පියා මවට ළංව කටයුතු කිරීම දරුවන්ගේ මනෝ සමාජයීය සබඳතා වර්ධනයට දායක වන බවද ඇය කීවාය.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

කාර්යාලවල සේවය කරන මව්වරුන්ට මව්කිරි ලබාදීමට නිවාඩු අනුමත කළ යුතු බවත්, මුල් මාස හය තුළ මව්කිරි අනිවාර්ය වන අතර, ඉන්පසු වසර දෙකකට වැඩි කාලයක් මව්කිරි දීම යෝග්‍ය බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

ගැටලු ඇත්නම් රෝහල්වල මව්කිරි කළමනාකරණ ඒකකවලින් උපදෙස් ලබාගත හැකි බවද ඇය සඳහන් කළාය. මෙවර ලෝක මව්කිරි දීමේ සතියේ තේමාව “මව්කිරි දීමට මුල්තැන - තිරසර සහය නිසැකව” යන්නයි. 

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අලුත්ම ලේ වර්ගයක් හමුවෙලා - ලෝකේ වෙන කාටවත්ම නැති වර්ගයක්

අලුත්ම ලේ වර්ගයක් හමුවෙලා - ලෝකේ වෙන කාටවත්ම නැති වර්ගයක්