සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි
Saudi Arabia
Accident
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය වෙනුවෙන් ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව සඳහන්.
මෙම අනතුර ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක සිදුව ඇති බව සඳහන්.
මේ අතර මේ වන විටත් අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පවසයි.
එසේම එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර ඇත.
