ට්‍රම්ප්ගේ තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල අපනයන සඳහා පනවන ලද තීරු බද්ද අද (01) සිට ක්‍රියාත්මක වේ. වෙළෙඳ හිඟය මගහරවා ගැනීමට මෙම අන්‍යෝන්‍ය තීරු බදු පැනවූ බව ට්‍රම්ප් පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට අපනයන සඳහා එක්සත් ජනපදය විසින් 44%ක තීරු බද්දක් පැනවූ නමුත්, එය දින 90කට කල් දමන ලදී. මීට පෙර 10%-12% අතර බදු අය කෙරිණි.
තීරු බදු ඉහළ දැමීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡා කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ද බදු අඩු කර ගැනීමට සාකච්ඡා කළේය.
කෙසේ වුවත්, මෙරට අපනයන සඳහා 30%ක බද්දක් නියම වී ඇති අතර, එය අද සිට ක්‍රියාත්මකය.
එක්සත් ජනපදය ඉන්දියාවට 25%ක බද්දක් පනවා ඇති අතර, ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක බද්ද මෙරට ඇඟලුම් ඉල්ලුමට බලපෑමක් ඇති කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.