ප්‍රසිද්ද ගායකයෙකුගේ පුතු සිදු කළ රිය අනතුර
Accident
Sinhala news
By Dilasha
ප්‍රසිද්ධ ගායක ධනපාල උඩවත්ත මහතාගේ පුුතු පැදවූ මෝටර් රථය යතුරු පැදියක ගමන් ගත් අඹු සැමි යුවළකගේ ගැටීමෙන් ඔවුන් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථ රියැදුරු ලෙස කටයුතු කළ ධනපාල උඩවත්ත මහතාගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෑතර රෝහලේ සේවය කරන කාන්තාව සේවයට වාර්තා කිරීම සඳහා සැමියා සමඟ කහතුඩුව කොළඹ මාර්ගයේ වෑතර දෙසට යමින් සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.
සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලද අඹුසැමි යුවළ වෑතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මූලික ප්‍රතිකාර ලබා දී බරපතළ තුවාල ලද කාන්තාව කළුබෝවිල රෝහලටත් ඇයගේ සැමියා කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා ඇති අතර සැමියාගේ පාද ස්ථාන කීපයකින් කැඩී ඇති බවද වාර්තා වේ.
