පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව රජයෙන් දැනුම්දීමක්

Report

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරක් වේගයෙන් සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.

පූජනීය දන්ත ධාතුන් වහන්සේ සහ ශ්‍රී දළදා කරඬුව පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බවට හඟවමින් මෙම ව්‍යාජ පෝස්ටරය නිර්මාණය කර ඇති අතර, ඊට අදාළ ෆේස්බුක් ගිණුම් කිහිපයක තොරතුරු සහ තිර සටහන් ද හඳුනාගෙන තිබේ.

දෙමටගොඩ කැළඹෙයි - වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

දෙමටගොඩ කැළඹෙයි - වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මෙලෙස සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන සියලු තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සෙල්ලක්කාර ලෙස නිර්මාණය කරන ලද ව්‍යාජ සටහන් බව වගකීමෙන් දැනුම් දෙනු ලැබේ.

ජනතාව නොමග යවන සුළු මෙවැනි අසත්‍ය කරුණු සහ ව්‍යාජ ප්‍රචාරයන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින සහ බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් වේ.

මේ රජයේ සේවයට අලුතින් රාජ්‍ය සේවකයන් 350ක්

මේ රජයේ සේවයට අලුතින් රාජ්‍ය සේවකයන් 350ක්