මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

Report

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන මනම්පේරී මහතා පෙරේදා  (6) දින අත්අඩංගුවට ගනු ලැබීය. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඉකුත් (05) දින සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගනු ලැබීය.

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

කෙසේ නමුත් මනම්පේරී රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඇයගේ නැගණිය හඬමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර තිබේ. ඇය සඳහන් කරන්නේ පහත ආකාරයේ කතාවක්

"මල්ලිට හොඳටම ගහලා ඔය ගහන මල්ලගෙ පපුවේ ශල්‍යකර්මයක් කරලා තියෙනවා.එයා ඒවා කියද්දි ඒවා ගණන් ගන්නැතුව හොඳටම ගහලා.අම්මට ඇවිල්ල කියලා තියෙනවා මට ගහනවා අම්මේ කියලා. අපිට පාරට බැහැගන්න විදිහක් නෑ.ළමයි හොඳටම මානසිකව වැටිලා.ඔය හිර කරලා ඉන්න මල්ලිට මාස තුනක බබෙක් ඉන්නවා. එයාගේ වයිෆ් රිමාන්ඩ් කරලා. අපිව නිවාස අඩස්සියට දාලා හිර කරලා අපේ ගෙවල් වලට කාටවත් එන්න දෙන්නේ නෑ.මම කොළඹ ඉන්නේ. මම කොළඹ ඉඳලා මට ඉන්න නෑ. අද උදේ පාන්දර පොලිසියෙන් පැනලා එස්.ටී.එෆ් එකේ මුළුගේම වට කරා."

ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට

ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට

යනුවෙන් ඇය හඬමින් ප්‍රකාශ කරද්දී ඇය වැඩිදුරටත් සඳහන් කළේ එක්කෙනෙක් කරපු වැරැද්දට මුළු පවුලම වන්දි ගෙවන්න ඕනිද යනුවෙනි. පවුලේ සම්බන්දතා පැවැත්වූ සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන අතර කිසිම කෙනෙක්ට එළියටවත් බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?