කොළඹ ජල සැපයුම ගැන විශේෂ නිවේදනයක් - කරන්න යන දේ ගැන දැනුම්දෙයි

Report

පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම සහ ජල පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල සැපයුම තවදුරටත් සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම කලටුවාව සහ ලබුගම ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් එම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 බැගින් වන පරිදි දින තුනකට වරක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සියලුම රාජ්‍ය සේවකයන්ට දුන් බදදා නිවාඩුව අවලංගුයි - මේ දිනයේ සිට දිගටම වැඩ

සියලුම රාජ්‍ය සේවකයන්ට දුන් බදදා නිවාඩුව අවලංගුයි - මේ දිනයේ සිට දිගටම වැඩ

ඒ අනුව මෙම විශේෂ ජල කප්පාදුව ක්‍රියාත්මක වන කාලසටහනට අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 07 වනදා ද, හෝමාගම ප්‍රදේශයට අප්‍රේල් 08 වනදා ද සහ පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් 09 වනදා ද ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.

මෙයට අමතරව බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10:00 සිට පසුදින අලුයම 01:00 දක්වා පැය තුනක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ද තීරණය කර තිබේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

සාමයක් නැති පාටයි - ඇමරිකාව ආයෙත් ඉරානයට ගහයි - 15 දෙනෙකු ජීවිතක්ෂයට

සාමයක් නැති පාටයි - ඇමරිකාව ආයෙත් ඉරානයට ගහයි - 15 දෙනෙකු ජීවිතක්ෂයට