මිග් ගුවන් යානා ගනුදෙනුවේ පැටලැවිල්ල ආයෙත් ඇවිළෙයි - හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCID එකට
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිටියි. ඒ, පසුගිය කාලය පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විවිධ පාර්ශ්වයන් විසින් කරුණු ඉදිරිපත් කර ඇති අතර, එහිදී ගනුදෙනුව සිදුකළ ආකාරය, ඊට සම්බන්ධ පාර්ශ්වයන් සහ මූල්‍ය කටයුතු පිළිබඳව විවිධ ප්‍රශ්න මතුව තිබුණි.