එංගලන්ත දකුණු අප්‍රිකා තරඟයේදී අවසානයේ සිදු වූ දේ මෙන්න..

Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ (21) පැවැත්වුණා.

එම තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

ලෝක කුසලානයේ අද ප්‍රබල සටනක් ඇරඹෙයි..හැමෝම බලාසිටින විශේෂත්වය මෙන්න..

ලෝක කුසලානයේ අද ප්‍රබල සටනක් ඇරඹෙයි..හැමෝම බලාසිටින විශේෂත්වය මෙන්න..


එංගලන්ත නායක ජොස් බට්ලර් ගේ ආරාධනය අනුව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට හැකිවිය.

ක්වින්ටන් ඩි කොක් පන්දු 38කදී ලකුණු 65ක් ලබාගත් අතර, ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේදී ජොෆ්‍රා ආචර් ලකුණු 40කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 7කින් තියුණු ජයග්‍රහණයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.