ජනපති කීවොත් ඉල්ලා අස්වෙන්න කැමති අධිකරණ ඇමතිට විරුද්ධව විශ්වාසභංගයක්
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දරුණු නොසන්සුන්තාවය හමුවේ ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමටත්, විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සතු වගකීම සහ වගවීම පැහැර හැරීමටත් අපොහොසත් වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන තිබේ.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාළ විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිල වශයෙන් අත්සන් තබනු ලැබීය.