අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

Report

පාකිස්තානයේ කරච්චි වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේදී දිශානති පද්ධතියේ (Navigational System) ඇති වූ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව අතුරුදන් වූ K2 එයාර්වේස් සමාගමට අයත් බෝයිං 737 (Boeing 737) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන්, පැය 12 ක ගැඹුරු මුහුදු සෙවුම් මෙහෙයුමකින් පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

මෙම සුන්බුන් ඔර්මාරා (Ormara) වරායට දකුණින් නාවික සැතපුම් 53 ක් (කිලෝමීටර් 98 ක්) දුරින් තිබී සොයාගත් බව පාකිස්තාන ගුවන් තොටුපළ බලධාරීන් පවසන අතර, යානයේ සුන්බුන් පවතින ස්ථානය හඳුනා ගැනීම සඳහා පාකිස්තාන නාවික හමුදාව සහ පාකිස්තාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය විසින් ගුවන් සහ මුහුදු යාත්‍රා රැසක් යොදවා තිබුණි.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

යානය සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බලධාරීන්ට උපදෙස් දී ඇති පසුබිමක, එහි සිටි නියමුවන් දෙදෙනෙකු, ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ එක් සහායක සේවකයෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, අග්‍රාමාත්‍ය ෂරීෆ් විසින් එම සාමාජිකයින්ගේ පවුල් වෙත සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය ඇතුළු විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න