ඊලොන් මස්ක් දේශපාලනයට - ‘අමෙරිකානු පක්ෂය නමින් නව පක්ෂයක්

Report

ටෙස්ලා සමාගමේ සභාපති ඊලොන් මස්ක්, ‘අමෙරිකානු පක්ෂය’ ලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

ඔහු පවසන්නේ, ජනතාවගේ නිදහස නැවත ලබාදීම සඳහා මෙම පක්ෂය පිහිටුවන ලද්දක් බවය. මස්ක්, ට්‍රම්ප්ගේ මිතුරෙකු ලෙස හැඳින්වුණු පසු, නව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවූ මතභේද හේතුවෙන් ඔහුගෙන් වෙන් විය.

තවත් සටහනකින් මස්ක් පවසා ඇත්තේ, “2ට 1 ගුණයකින්, ඔබට නව පක්ෂයක් අවශ්‍යයි, ඔබට එය ලැබෙනු ඇත” යනුවෙනි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

කෙසේ වෙතත්, මස්ක්ගේ නව පක්ෂය මෙතෙක් නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති අතර, ඔහු ඇමරිකාවේ උපත ලැබූ පුද්ගලයෙකු නොවන නිසා ජනාධිපති ධුරයට තරග කිරීමට සුදුසුකම් නොලබයි.

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

මස්ක්ට එරෙහිව, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තර්ජනය කළේ ඔහුගේ සමාගම්වලට හිමිවන ෆෙඩරල් සහනාධාර අහෝසි කරන බවත්, පුරවැසිභාවය පවා අහෝසි කිරීමට කටයුතු කරන බවත්ය.

මෙම තර්ජන සහ අර්බුද 2026 මැතිවරණයට බලපාන්නක් ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ පිරිස් විශ්වාස කරයි.