සෆාරි ජිප් රථයකට අලියෙක් කළ හරියක්.. 01ක් මරුට..08ක් රෝහලේ(VIDEO) .
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී සෆාරි ජීප් රථයකට වන අලියෙකු පහරදීමට උත්සහා දැරීමේදී එම ජීප් රථය පෙරලීයාමෙන් අද(07) සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙකෙරුනා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන 41 හැදිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් රෝහල්ගත කළ පුද්ගලයන් අතරට දරුවන් හතර දෙනෙක් ඇතුළත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
සංචාරය සඳහා පැමිණි එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට බිය වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙක් සිට ඇති බව සඳහන්.
එම අනතුරට පත්වූ පුද්ගලයන් පන්නිපිටිය සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
