නීති සංශෝධන අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් - මැතිවරණ කොමිසමේ සභාපති

Election Commission of Sri Lanka Election Sri Lanka election updates Sinhala news Breaking News
By Kaushi Jul 21, 2025 09:35 AM GMT
Kaushi

Kaushi

Report

ඉදිරි වසර 3-4 කාලය තුළ රටේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් දැනටමත් මැතිවරණ දෙපාර්තමේන්තුව, ආණ්ඩුව, දේශපාලනඥයින් තුළ මෙන්ම තවත් ක්ෂේත්‍ර ගණනාවක නොසන්සුන්තාවයක් ඇතිවීමට හේතුවී තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් විසින් අඳාළ ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමඟ ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ රටේ විවිධ පාර්ශ්වවලින් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ සිට දුරකථන ඇමතුම් දහස් ගණනක් ලැබුණ බවට ප්‍රකාශ කළ බව සඳහන්.

එනිසා මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව කළ විමසුමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට කියා සිටියි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

” මේ දිනවල මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැඩමුළු කිහිපයක් රටේ විවිධ ප්‍රදේශවල පවත්වනවා. එහි එක් වැඩමුළුවක් කුරුණෑගල පැවැත්වුණා. තවත් වැඩමුළුවක් අද පුත්තලම පැවැත්වෙනවා. කුරුණෑගල පැවති වැඩමුළුවේදී මැතිවරණ පැවැත්වීම ඡන්ද නාම ලේඛන සකස් කිරීම වැනි කරුණු කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී පළාත් පාලන මැතිවරණය තවත් වසර හතරකින් පසුව පැවැත්වීමට නියමිත බව අදහස් මතුවුණා. තවත් වසර හතක් ගත වන තෙක් මැතිවරණ කිසිවක් නොපැවැත් විය යුතු බවට සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මම කිසි තැනක කියලා නැහැ වසර 3-4 ට මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා.ඒ වගේම ඡන්ද දායකයින්ගේ අයිතිවාසිකම් ගැනත් එහිදී සාකච්ඡා වුණා එහිදී මම ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් ඡන්ද නාම ලේඛන සකස් කරන්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහාම පමණයි කියලා. එසේ නොමැතිව ඡන්දය පාවිච්චි නොකරන අයට දඩ මුදලක් අය කළ යුතුයි කියා මා කීවේ නැහැ. එවැනි දඩ මුදලක් පවතින නීතිය අනුව අය කර ගත නොහැකියි. විදේශ රටවල නම් එහෙම අය කරගන්නවා අපට ඒක කරන්නන බැහැ. ” යනුවෙන්.

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

එසේම මැතිවරණ කොමිසමේ සභාපති අර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නීති සංශෝධන අවසන් කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ මැතිවරණ වසර 3-4 කල්දැමීමට හෝ ඡන්දය පාවිච්චි නොකරන ඡන්ද හිමියන්ට දඩ මුදලක් නියම කිරීම පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ව්‍රායිගේ සෙල්ෆියක් බුකිය කළඹයි - වසර 32කට පසු කතාවක් එළියට

ව්‍රායිගේ සෙල්ෆියක් බුකිය කළඹයි - වසර 32කට පසු කතාවක් එළියට

ReeCha