ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක
By Kaushi
ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ මුම්බායි හි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බව සඳහන්.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගුවන් යානය ගොඩබෑමේ දී ගුවන් පථයෙන් ඉවතට පැන තිබෙන බවයි.
එසේම ඉන් ගුවන් යානයේ එන්ජිමට සහ පසුපස කොටසට හානි සිදුව ඇති බවත් පවසයි.
කෙසේ වුවද මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව වාර්තා වේ.
එහෙත් ධාවන පථයට සුළු හානි සිදුවූ අතර සියලුම මගීන් ආරක්ෂිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන බව සඳහන්.