ව්රායිගේ සෙල්ෆියක් බුකිය කළඹයි - වසර 32කට පසු කතාවක් එළියට
කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මිය පවසන්නේ කොළඹ යෞවන සමාජ ප්රාදේශීය සම්මේලනය වසර 32 කට පසුව ජාතික සම්මේලනය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බවයි.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,
‘අපි දන්නවා ඒක අහඹු සිදුවීමක් නෙවෙයි කියලා.වසර ගනනාවක් තිස්සේ රටේ තරුණයින්ව දේශපාලනයෙන් ඈත් කරලා තිබ්බ අවධියක නැවතත් තරුණයන්ගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු සහ හීන තරුණ ශක්තියෙන්ම හැබෑ කරගන්නට ඉඩ සළසන ගමනක මූලාරම්භයයි මේ’
කොළඹ නාගරික තරුණ ප්රජාව සමග ඒ සම්බන්ධයෙන් පැවති සාකච්චාවක් අවස්ථාවකදී ඇය සෙල්ෆි පින්තූරයක් තම සමාජ ජාල ගිණුමට එක් කර තිබුණා.
