බිත්තරයක මිල 25කින් අඩු කරන්න පුළුවන්..ඇත්තටම සිදු වූ දේ මෙන්න..
By Aruna
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි.
එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි, අනුර මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.