ලංකාවට ලෝක බැංකුවේ සහය

Sri Lanka World Bank
By Sithumi May 15, 2023 11:11 AM GMT
Sithumi

Sithumi

Report

 ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සඳහන් කළේ, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි.

 අද (15) මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අයියර් මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අයියර් මහතා එහිදී ශ්‍රී ලංකාවේ කැපවීම පැසසීමට ලක්කර තිබේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ අයියර් මහතා නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now