මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්!
By Dilasha
මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බව එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව වාර්තා වේ.
කම්පනයෙන් මාර්ග අවහිර වී ඇති බවත් ගොඩනැගිලිවලින් සිවිලිම් කැබලි කඩා වැටී ඇති බවත් වාර්තා වේ.
අසල්වැසි තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි, බියට පත් පදිංචිකරුවන් උස් ගොඩනැගිලිවලින් පිටතට ගෙන ඇති අතර එහි සිටි සාක්ෂිකරුවන් පැවසුවේ භූ කම්පනය තටාකවලින් ජලය ගලා යාමට තරම් බලවත් ලෙස හටගෙන ඇති බවයි.