බඳුරලියේ පාළු ඉඩමකින් හමු වූ ගිනි අවි
Sri Lanka Police
Sinhala news
By Dilasha
පාළු ඉඩමක වළදමා තිබූ පිස්තෝල අවියක් සහ එම පතොරම් ගැබ් 02ක් ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමෙන් සොයා ගෙන තිබේ.
බඳුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේ පාළු ඉඩමක වළ දමා තිබූ මෙම පිස්තෝල අවිය, එම පතොරම් ගැබ් 02ක සහ පතොරම් 05ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම පිස්තෝල අවිය හා පතොරම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.
