විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

Report

රජය විසින් විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක් සකස් කර ඇත.

ඒ වගේම ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇති බව රජය සදහන් කරයි .

තවද ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශය කර ඇත.

ඒ වගේම  පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගැනීමේ හැකියාව ඇත.

විදේශීය පරිත්‍යාගශීලීන්ට ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුව ඇත .

ලේකම්,

ආරක්ෂක අමාත්‍යාංශය,

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC),

විද්‍යා මාවත,

කොළඹ 07,

තවද මෙරට වෙනත් පුද්ගලයකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට අදාළ පාර්ශවය එකඟ විය යුතුව ඇත.

තවද එසේත් නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකියි.

රජය මෙමගින් අපේක්ෂා කරන්නේ  

 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්,

පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීම

ආදියයි.


සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ