දුනිත් වෙල්ලාලගේ හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි

Report

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ හදිසි අභාවය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දිවයිනට පැමිණි ඔහු, හෙට (20) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ යළි එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිවේදනයට අනුව, සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු අද (19) රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බව සඳහන් වේ.

දුනිත් වෙල්ලාලගේගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මහේල මාධ්‍යයෙන් ඉල්ලයි

දුනිත් වෙල්ලාලගේගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මහේල මාධ්‍යයෙන් ඉල්ලයි

දුනිත්, සිය පියාගේ අභාවය පිළිබඳ ආරංචිය ලැබුණු වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමඟ අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිතය. 

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ