දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි [PHOTOS]

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය නිසා මේ වන විට ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් තම සංවේගය පළකර තිබෙනවා.

ඒ අතර ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු මෙන්ම ඊයේ (18) දින පැවති තරගයේ දී සිය කණ්ඩායම සඳහා ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබිද සිටියි.

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ඒ අනුව ඔහු සිය 'X' ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර තිබෙන බව වාර්තා වේ.

එසේම එහි"තම ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරනවා. ශක්තිමත්ව සිටින්න සහෝදරයා" යනුවෙන් ද සටහනක් පළ කර ඇත.

මේ අතර බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.

ඒ "දුනිත් වෙල්ලාලගේ, ඔබ ශක්තිමත්ව ඉන්න. ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්තවීම ඇසීම අතිශයින් කණගාටුයි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට සදාකාලික සාමය ලබා දී, මෙම අසීරු අවස්ථාවේදී දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙත්වා" යනුවෙන් සටහන් කරමින්.

ඊට අමතරව බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ඇතුළු කිහිප දෙනෙකුම තම ශෝකය පළකර ඇත.

දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඊයේ (18) දින අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට විරුද්ධව තරගය ක්‍රීඩාකරමින් සිට ඇත.

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක් හිමි වේ

ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක් හිමි වේ

GalleryGalleryGallery