ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

Report

ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ රජය විසින් නිවාස ණය දෙන රාජ්‍ය බැංකු දෙකක් වසා දැමීමට සූදානමක් ඇති බවයි.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසන්නේ මේ වන විටත් එම බැංකු දෙකට මහ බැංකුවෙන් සීමා පනවා ඇති බවයි.

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්

“නිවාස සංවර්ධනය සඳහාම පිහිටුවා තිබෙන බැංකු දෙක වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවටත් මේ වන විට මහ බැංකුවන් සීමා පනවලා. ගනුදෙනුකරුවන් නිවාස ණයක් ගන්න ඉල්ලුම් කළාම තමයි ඒ සිමාවන් දැනෙන්නේ.

ඒ සීමාවන් මොනවාද කියලා අධ්‍යක්ෂ මණ්ඩලය පැහැදිලිව දන්වා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් හෝ වෘත්තිය සමිති දැනුම්වත් කරලා නැහැ. නමුත් අපිට ඒ ගැන නිල නොලත් මට්ටමින් විවිධ ආරංචි ලැබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල ඇපයට තියලා ලබා දෙන නිවාස ණයවල සීමාවන් පනවා එම ණය ප්‍රමාණයන් අඩු කිරීම වැනි දේවල් කරගෙන යන බවට තොරුතුරු වාර්තාවෙනවා.

මේක ක්‍රම ක්‍රමයෙන් ගනුදෙනුකරුවන් අඩුවෙන්න හේතුවක්. මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු දෙකම ඒකාබද්ධ කරන්න යනවා කියලා තවත් නිල නොලත් ආරංචියක් ලැබුණා. මේ බැංකු වසා දැමීමට කටයුතු කරනවා කියන එකයි අපිට නම් තේරෙන්නේ” යයි ඔහු පැවසුවේය.

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

 

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න