සනත්ගේ කීම හරියටම ඇසූ දුනිත් වෙල්ලාලගේ..

Sanath Jayasuriya Cricket Sri Lanka Cricket Latest Headlines
By Sewvandhi Aug 03, 2024 08:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ප්‍රකාශ කළේ, පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බවයි.

ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ,

"මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක් කැපෙයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ප්ලෑන් එකක් දාගෙන හිටියේ... කොහොමද සෙල්ලං කරන්න ඕනේ කියලා. තවත් දෙයක් තමයි... මම ගොඩක් බලන් හිටියා පැතුම් නිස්සංක බැට් කරනවා. එයා බැට් කරන විදියෙනුත් මම දේවල් ඔළුවට දාගත්තා. ඒවා අනුව තමයි ප්ලෑන් එකකට ආවේ."

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකරදෙමින් ජය පරාජයෙන් තොරව ඊයේ (02) අවසන් කෙරුණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති එක්දින තරගාවලි ඉතිහාසයේ ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙවැනි එක්දින තරගය මෙය වෙයි.

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS)

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS)

ReeCha