ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS)

Report

UPDATE:-

අද (02) ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරායෙන් තොරව අවසන් විය.

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS) | 1St Odi Sri Lanka Vs India

ශ්‍රී ලංකා නායකයා තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

අද තරගයේදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයක් විය.

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS) | 1St Odi Sri Lanka Vs India

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරමින් ය.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස් සහ වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළේ ය.

ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල ආරම්භ කඩුල්ලට ලකුණූ 75ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS) | 1St Odi Sri Lanka Vs India

අනතුරුව ලකුණු ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළේ ය.

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS) | 1St Odi Sri Lanka Vs India

පසුව වනිඳු හසරංග විරාත් කෝලි සහ අසිත ප්‍රනාන්දු ශ්‍රේයස් අයියර් දවා ගත්තද ශ්‍රී ලංකා ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

කෙසේ වෙතත්, ඉන්දීය පිලට ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබා ගැනීමට තිබිය දී චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ එක පිට කඩුලු දෙකක් බිඳ හෙළීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS) | 1St Odi Sri Lanka Vs India

-------------------------------------------------

ක්‍රීඩා ලෝලීන් දැඩි පිපාසයෙන් - තරඟයේ ජය කාටද..(PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.

එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ නොදැවී ලකුණු 67ක් රැස්කිරීමට සමත් වුණි.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 24ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් ලබාගත්තේය.

-------------------------------------------------

අද (02) පැවැත්වෙන තරගය වසර 45ක (1979 සිට) ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර 169 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ.

ඉන් වැඩි ගෞරව හිමිකරගෙන සිටින්නේ, ඉන්දීය කණ්ඩායම වන අතර, ඔවුන් තරග 99ක ජය තහවුරු කරගෙන සිටී.

ඒ අනුව අද තරගද ජයගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ ශතකයක් සම්පූර්ණ කිරීමට ඉන්දියාවට හැකිවනු ඇත.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට මේ දක්වා ජය ගැනීමට හැකිවී ඇත්තේ තරග 57ක් පමණක් වන අතර, තවත් තරග 11ක් විසඳුමෙන් තොරව අවසන් වී ඇත.

එමෙන්ම දෙරට අතර ශ්‍රී ලංකාවේ දී (1985 සිට) පැවැත්වෙන 67වැනි එක්දින තරගය ද මෙය වෙයි. එහිදී ද තරග 28ක ජය ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ගද්දී, තරග 32ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery