දුමින්ද දිසානායක අද අධිකරණයට

Report

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී - 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය අඟහරුවාදා කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ මෙම ගිනි අවියක් සොයා ගෙන තිබුණා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් 69 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවගෙන් වැල්ලවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබූ අතර ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබුණේ අදාළ අවිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

තරුණයෙක්ට පහර දුන් පොලීසියේ හයකට වැඩ වරදී

තරුණයෙක්ට පහර දුන් පොලීසියේ හයකට වැඩ වරදී

අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි.

ඒ අනුව මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට මෙය යවා ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන තිබුණේ. 

තවත් මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට

තවත් මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට