රතු වරෙන්තු අයින් කරන්න මාව අත්අඩංගුවට ගන්න එපා යැයි කුඩු සලිදුගෙන් පෙත්සමක්
රතු වරෙන්තු අයින් කරන්න මාව අත්අඩංගුවට ගන්න එපා යැයි කුඩු සලිදුගෙන් පෙත්සමක් මේ වන විට විදෙස්ගත වී සිටින ප්‍රබල මුද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු විසින් රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස තිස් වැනි දා එම පෙත්සම කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
ඒ අනුව මෙම පෙත්සම අද දින (07) අව්‍යාජ නාදිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.
ලොකු පුටුවකට ලොක්කෙක් - වැඩ බලන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.
ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කර ඇත. මේ වන විට විදේශගතව සිටින කුඩු සළිඳු සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.