ගෝනදූවේ මාරක අනතුරක් - පුද්ගලයෙකු මරුට

Report

මොරන්තුඩුව ගෝනදුව රෝහල ඉදිරිපිටදී අද (03) පස්වරුවේ මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගොස් ඇති බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ බෝම්බුවල, ගල්වලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඉන්දික ප්‍රභාත් බලවික්‍රම නමැති පුද්ගලයෙකි.

පොලිස් විමර්ශන අනුව, ලොරි රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබියදී, බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට යමින් තිබූ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ලොරියට මුහුණට මුහුණ ගැටීම සිදු වී ඇත.

අනතුරෙන් මෝටර් රථ රියදුරු බරපතල තුවාල ලැබූ අතර, සුව සැරිය ගිලන්රථයෙන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇත.

කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට

කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට

පොලිසිය සැකකරන්නේ, රියදුරට නිදාගැනීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරෙන් මෝටර් රථයටද බරපතල හානි සිදුවී ඇත. මොරන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් ජයරත්නගේ උපදෙස් මත, පොලිස් සැරයන් (70704) සහ අතුකෝරළ පොලිස් කොස්තාපල් (106559) සේනාරත්න ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි